Ceylon Calligraphy

Ceylon Calligraphy fonts are a collection of experimental Sinhala fonts designed by Damith Welikala. This collection is based on various historical sources.


 ඕල්ඩ් ප්‍රෙස්

19වන සියවසේදී පමණ සිංහලෙන් මුද්‍රණ කටයුතු ආරම්භ වීමෙන් පසුව මාසික සඟරා සහ පුවත්පත් ජනප‍්‍රිය සන්නිවේදන මාධ්‍යයක් බවට පත් විය. මෙම අවදියේදී මුද්‍රණාලවල භාවිත කළ පැරණි අච්චු අකුරු රටාවක් ඇසුරින් නිර්මාණ කළ ෆොනුරුවකි.


සෙල්ලිපි

ක‍්‍රි.ව. 7,8 යන සියවස්වල සිට මධ්‍යකාලීන සමය දක්වා සියවස් කිහිපයක සෙල්ලිපිවල අකුරු ඇසුරින් නිර්මාණ කරන ලද ෆොනුරුවකි.


ටයිප් රයිටර්

1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වීමෙන් පසු රජයේ පරිපාලන කටයුතු පහසු කරගැනීම සඳහා මෙරටට හඳුන්වා දුන් ටයිප් රයිටර් යන්ත‍්‍රය ඉතා ජනප‍්‍රිය වූ මුද්‍රණ ක‍්‍රමයක් වූ අතර එහිලා භාවිත වූ අකුරු මෝස්තරය ඇසුරින් නිර්මාණ කළ ෆොනුරුවකි.